වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ සංචාරයක (ඡායාරූප)

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ඊයේ (13) පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ ප්‍රජා සංවර්ධන ආයතනයක් වන ජාතික ශිෂ්‍යභට බළකායේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම සංචාරය සිදුවුණා.

පාසල් යන තරුණ තරුණියන් අතර විනය, නායකත්වය සහ දේශාභිමානය හා ආත්මාභිමානය ඇති කිරීමේ අරමුණින් පිහිටුවන ලද ජාතික ශිෂ්‍යභට බළකාය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ සංවර්ධන සංවිධානයක්.

මෙම ආයතනය වගකීම් සහගත සහ ශක්තිමත් අනාගත පුරවැසියන් බිහි කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානය වෙත පැමිණි වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව පිළිගනු ලැබීමෙන් අනතුරුව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාසල් ශිෂ්‍යභට බාලක බාලිකාවන් සමඟ සමූහ ඡායාරූප වලට පෙනී සිටියා.

එහිදී වැඩබලන අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගීව සිටි ශිෂ්‍යභටයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වුණා.

ඉන් අනතුරුව ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක විසින් එම බළකාය පිළිබඳ පුළුල් විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවා.

ජාතික ශිෂ්‍යභට බළකායේ මෙහෙවර, ක්‍රියාත්මක මෙහෙයුම්, පුහුණු ක්‍රියාකාරකම් හා සම්බන්ධ මුලපිරීම් මෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව තුල නායකත්වය සහ විනය වර්ධනය කිරීමේදී එහි වැදගත් කාර්යභාරය පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙම සැසියේදී ඉදිරිපත් කළා.

මෙම සැසිවාරයෙන් පසු වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ජාතික ශිෂ්‍යභට බළකායේ දැනට පවතින ගැටළු පිළිබඳ විමසු වැඩබලන අමාත්‍යවරයා එම බළකායේ අනාගත සංවර්ධනය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික කළා.

සංචාරය අවසන් කිරීමට පෙර ඔහු අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, ජාතික ශිෂ්‍යභට බළකාය මගින් සිදු කෙරෙන අඛණ්ඩ සේවාව වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර සිටියා.

මෙම සංචාරය මගින් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් කේන්ද්‍ර කරගත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම අවධාරණය කරන ලද අතර ජාතික සමගිය, නායකත්වය සහ සිවිල් පුරවැසියන් වශයෙන් ඇති වගකීම ඉහළ නැංවීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ විශිෂ්ඨ දායකත්වය විදහා දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09