වාහන ගෙන්වන ගැසට්ටුව ගැන දැනුම්දීමක්

වාහන ගෙන්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (27) නිකුත් කරනු ලැබුවා.

එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ආනයනය කරන වාහන අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම 2024 වසරේ දෙසැම්බර් 18 වනදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත් කළ වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්‍යක්ෂවරයාට අවසර දී ඇති බව සඳහන්.

2024 වසරේ දෙසැම්බර් 18 වනදා සිට 2025 වසරේ ජූලි 31 වනදා දක්වා වාහන ආනයනයට හැකියාව පවතින බව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැණුම්කරු; බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඇතුළත් අදාළ ලියකියවිළි ඉදිරිපත් කළ යුතු බවයි.

ඊට අමතරව මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක කාලයක් තුළ ආනයනය කළ හැකිවන්නේ එක් වාහනයක් පමණයි.

මේ අතර මධ්‍යම පාන්තික ජනතාවටත් වාහන ගෙන්වීමට අවස්ථාව ලබාදෙන ලෙසයි වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47