වාහන ආනයනකරුවන් කරන වැඩෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් වෙනවා, වාහන ආනයනයට තදබල නීති ගේන්න – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

වාහන ආනයනකරුවන් විසින් විශාල වශයෙන් වහාන ආනයනය කර සේල්වල ගොඩගසා ගැනීම තුළ මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක්‌ එල්ලවන බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

ආර්ථිකයේ ඇතිවන විවිධ තත්ත්වයන් තුළ සේල්වල ගොඩගසා ඇති එම වාහන ඔවුන් අධික මිල ගණන්වලට අලෙවිකරන බවයි මහාචාර්යවරයා අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

ඒ, අනුව රට එවැනි තත්ත්වයකට ඇද දැමීමට ඉඩ ලබානොදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

රජය විසින් වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය මත වාහන ආනයනකරුවන්ට විසින් විශාල වශයෙන් ලාභ ලබාගැනීමේ තත්ත්වයක් උදාවී ඇති බවයි මහාචාර්යවරයා පවසන්නේ.

“මේ අධිභාරය තුළ ‘කල්ලමරේ වෙලා’, විශාල වශයෙන් වාසි ලබාගැනීමේ හැකියාව වාහන ආනයනකරුවන්ට, වාහනසේල් හිමියන්ට උදාවෙලා තියෙනවා. දැන් මිනිස්සු විශේෂයෙන්ම කඩිමුඩියේ වාහන සඳහා මුදල් වෙන් කිරීම, අත්තිකාරම් ලබාදීම සිදුකරනවා. මේ තුළ ඉතා හොඳ ලාභදායි තත්ත්වයක් උදාකර ගැනීමට වාහන ආනයනකරුවන්ට ඉඩ ලැබිලා තියෙනවා. අපි හිතමුකෝ අධිභාරය ඉවත් කරා කියලා. ඊට පස්සෙත් වාහන ආනයනකරුවෝ මේ හා සමාන කටයුත්තක නැවතත් නිරත වෙනවා. නැවත වරක් විශාල වශයෙන් වාහන ආයනය කිරීමක් සිදුකරලා නැවතත් විශාල තෙරපුමක් ගෙවුම් ශේෂයට ඇති කරන්න පුළුවන්. මේක අද ඊයේ වෙච්ච දෙයන් නෙවෙයි. නිරන්තරයෙන් මේ කටයුත්තේ මේ පාර්ශ්වයන් නිරත වෙලා ඉන්නවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසන්නේ, පනවා ඇති අධිභාරය ඉවත් කළ පසු වාහන ආනයනයට අදාළව රජය විසින් තදබල නීති ගෙන ආ අයුතු බවයි.

ඒ, අනුව ගැනුම්කරුවෙකු නොසිටින තත්ත්වයක් තුළ වාහන ආනයන සඳහා ඉඩ ලබා නොදිය යුතු බවයි ඔහු පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48