පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතට භූ විද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශයේ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් තීරණ ඇතුළත් වාර්තාව පත් කර සති ගනණාවක් වුවද එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව වාර්තා වේ.
අපට දැන ගන්නට ඇති පරිදි ඒ සඳහා වගකිව යුතු මහ පුටු දෙකක් ඉවත් කළ යුතු බවට නිර්දේශ වී ඇතත් විවිධ හේතූන් මත එය සිදු කිරීමට පරිසර අමාත්‍යවරයාට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුව මත අදාළ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ සූදානමක් ඇති බවද දැන ගන්නට තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




