වාද්දූවේ සෙල්ලක්කාර සුජානි නිසා පෙම්වතාට අත්වූ අවාසනාවන්ත ඉරණම

වාද්දුවේ පදිංචි සමන්ත තිස් අට හැවිරිදි ගණකාධිකාරිවරයෙකි.
ඔහුගේ බිරිඳ සුජානි තිස් පස් හැවිරිදිය. විවාහ වී මාස තුනක සිට සමන්ත දෙකකුල් පණ නැතිව හිටි හිටියේ ක්ලාන්ත වී වැටෙන්නට විය.
ඇඟපත රුදාවෙන් පෙළුණේය. ඔවුන් දෙදෙනාට දරු සම්පත් ද අහිමිය. නිවස තුළ තද දුර්ගන්ධයක් ද පැතිරෙන්නට විය. ධනවත් පවුලක් වුවද සැපවත් බව ඔවුන්ගෙන් පලා ගොස් තිබිණ.
මේ අසනීප තත්ත්වයෙන් මිදෙන්නට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඔහුට කිසිදු රෝගයක් නැති බවය.
වත් පිළිවෙත් කළත් එයින් ද සහනයක් නොවීය.
අවසානයේ සමන්ත සුජානිත් සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ගියහ.
ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන්ට එළඹ ඇති දුක් දොම්නස් අසනීපයන් විස්තර කළහ. පළමු රෝග පරීක්ෂාවේදීම සමන්තට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඬන්නට විය.
ඇඬිල්ලේ කෙළවරක් නොවූයෙන් ඔහුට පියවි සිහිය ලබා දී දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි කී ගවේෂකවරයා ඊට අවශ්‍ය උපදෙස් ද දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද සමන්ත දිෂ්ටි ගැන්වී අඬන්නට විය.
“හා….. හා…. කරුණාකර ඔය ඇඬිල්ල නවත්තලා මම අහන ඒවාට උත්තර දෙන්න.” ගවේෂකවරයා භූතාත්මයට කීවේය.
“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?” ගවේෂකවරයා නැවතත් භූතාත්මයෙන් ඇසීය.
“මම සකුන්”
“කවුද සකුන් කියන්නේ?”
“සමන්තගෙ ගර්ල් ප්‍රෙන්ඩ්. සකුන්තලා” එසේ කී භූතාත්මය ් නොනවත්වා අඬන්නට වූවාය.
භූතාත්මය සමන්තගේ ශරීරයෙන් ඉවක් කළ ගවේෂකවරයා සකුන්තලා කවුදැයි සමන්තගෙන් විමසීය.
සකුන්තලා තමන්ගේ පැරණි පෙම්වතිය බවත්, ඉතා සුරූපී ඇය ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන්නට ගොස් ඉතා සංකර වූ බවත් ලංකාවට පැමිණ මත්පැන් පානය කරන්නටත් රාත්‍රී සමාජ ශාලාවලට යන්නටත් පුරුෂයන් ඇසුරු කොට ඉතාම නරක චර්යාවන්ට ඇබ්බැහිව සිටි නිසා ඇය සමඟ තිබූ සම්බන්ධය තමා අතහැර දැමූ බවත් සමන්ත ගවේෂකවරයා ඉදිරියේ කීවේය.
නැවතත් ඔහුට භූතාත්මය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා භූතාත්මයෙන් යළි ප්‍රශ්න කරන්නට විය.
“ඇයි තමුන් මේ සමන්තට කරදර කරන්නේ?”
“අනේ මම සමන්තට ආදරෙයි. මට සමන්තව අහිමි වුණා. මෙයා විවාහ වුණාම මට දුක හිතුණා. සමන්තව මතක් වුණ හැටියේ මම සමන්ත ළඟට ඇදිලා එනවා.”
ප්‍රේතිය කියන්නට වූවාය.
“ඇයි ඔබට සමන්ත අහිමි වුණේ?”
“මම හොඳ නැහැනෙ.”
“ඇයි ඔබ නරක?”
“අපේ තාත්තා මාව ඉගෙන ගන්න කියලා ඇමරිකාවට යැව්වා. ඇමරිකන් යාළුවෝ එක්ක ආශ්‍රයට වැටුණු නිසා මට ඒ අය වගේ හැසිරෙන්න වුණා.
මත්පැන් පානය කළා. ක්ලබ් ගියා. ගෙදරින් එවන සල්ලි වියදම් කර කර ඔය වගේ දේවල් කළා.
ලංකාවට ඇවිල්ලත් ඒ විදිහටම හැසිරුණා. ඉතින් සමන්තට මාව එපා වුණා. සමන්ත හොඳයි. සමන්තට හොඳ රස්සාවක් තියෙනවා.
හොඳට සල්ලිත් තියෙනවා. ගති ගුණත් හොඳයි. මම සමන්තට ආදරෙයි. සමන්ත මාව අතහැරලා වෙන කෙනෙක් එක්ක විවාහ වුණාම මට දුක හිතුණා.
ඉන් පස්සේ මම තව තවත් මත්පැන් බිව්වා. ඒවා මදිවෙලා මත් පෙති පාවිච්චි කරන්නත් පටන් ගත්තා.”
“ඔබ මොනවා වෙලාද මැරුණේ.”
“මත්පෙති පාවිච්චිය වැඩි වෙලා. මාත්‍රාව වැඩිවෙලා.”
“සමන්ත විවාහ වුණාට ඔබ තරහද?”
“අනේ නැහැ… අනේ නැහැ…. සමන්ත මාව අතහැරියේ මගේ වැරදි හැසිරීම් නිසා. මම ඒක පිළිගන්නවා.. ඒත් මම සමන්තට ආදරෙයි. සමන්ත මතක් වෙන වෙලාවට මම එයා ළඟට ඇදිලා එනවා. අන්තිමට මම සමන්තගෙ ශරීරයේම නතර වුණා.”
“දැන් ඔබට මොනවාද වුවමනා?”
“මට මේ දුකෙන් මිදෙන්න ඕනෑ. මගේ අම්මා දීපු අවවාද පිළිගත්ත නම් මට මෙහෙම වෙන්නේ නෑ.
මම ඇමරිකන් හැසිරීම්වලට හුරු වුණු නිසයි මෙහෙම වුණේ. අන්තිමේ මට ලංකාවට එන්න සිද්ධ වුණා. අනේ මට දුකයි. මට බඩගිනියි.
ඒත් කන්න බෑ. මට අඳින්න නෑ. මම ඉන්නේ නිරුවතින්. මට මේ දුකෙන් මිදෙන්න ඕනෑ”
“ඔබ දැන් සකුන්තලා නොවෙයි. අනන්ත දුක් විඳින ප්‍රේතියක්.
බටහිර පන්නයට අනාචාරයේ හැසිරෙන, මත්පැන් බොන, ක්ලබ් ගිහින් නටන හැම ගැහැනියකුටම අන්තිමට වෙන්නේ ඔය ටික තමයි.
දැන්වත් සිත පිනට දහමට යොමු කරන්න. ඔබ මේ සමන්තගේ ශරීරයේ ඉන්න එක ඔබට පාපයක්.
ඒ පාපයෙන් තව තවත් දුක් විඳින්න වේවි. අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වේවි. ඔබ වරද පිළිගන්න නිසා අපි ඔබට උදව් කරන්නම්.”
එසේ කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවාලන්නට විය.
“සමන්ත ගැන හිතන්න…. සමන්ත ගැන හිතන්න.”
භූතාත්මයට එසේ උපදෙස් දෙමින් තව තවත් දවාලන්නට විය.
“දැවිල්ලයි….. දැවිල්ලයි…. පිච්චෙනවා…..”
“පිච්චෙන කොට සමන්ත මතක් වෙනවාද?”
“නැහැ…. නැහැ…. වේදනාව විතරයි දැනෙන්නේ.”
“එහෙම නම් අර බුදු පිළිම වහන්සේ දිහා බලන්න.”
ගවේෂකවරයා භූතාත්මය වෙත මෛත්‍රී කිරණ එල්ල කළේය.
“සනීපයි… සිසිලසයි… දැන් දැවිල්ල නෑ. සිසිලසයි.”
භූතාත්මය කියන්නට වූවාය.
එදින ගවේෂණ නතර කොට සමන්තට උපදෙස් දුන් ගවේෂකවරයා නිවසේ සාංඝික දානයක් පිරිනමා අට පිරිකර සහිතව සිවුරු පිරිකර පූජා කරන ලෙස ද සකුන්තලාගේ නම සිහිපත් කොට පින් අනුමෝදන් කරන ලෙසද කීවේය.
සාංඝික දානය පිරිනමා නැවත පැමිණෙන විට සමන්ත බොහෝදුරට සුවපත්ව සිටි අතර, නිවසේ පැවති දුර්ගන්ධය ද ඉවත්ව ගොස් තිබුණි.
එදින ද ගවේෂකවරයා සමන්තට භූතාත්මය දිෂ්ටි ගැන්වීය.
“දැන් කොහොමද?”
“දානයෙන් පස්සේ මගේ කුසගිනි නිවුණා මහත්තයා. මට ඇඳුමුත් ලැබුණා. මට ලොකු සහනයක් දැනෙනවා.”
“දැන් ඉතින් සමන්තගෙ ශරීරයේම ඉන්නද කල්පනාව?”
“නෑ….. නෑ……… ජීවත්ව ඉන්දැද්දී කළ වැරදි වැඩ තවත් කරන්නේ නෑ.සමන්තටත් සුජානිටත් සන්තෝෂයෙන් ඉන්න ඉඩදීලා මම ඉවත් වෙලා යනවා.”
“ඔබ කොහේද යන්නේ?’
“අනේ! මහත්තයා මාව හොඳ තැනකට යවන්න”
සකුන්තලාගේ ප්‍රාණකාරිය ඇවටිලි කළාය.
සමන්ත ලවා සුදු නෙළුම් මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා කටයුතු කළේ ය. සමන්තට ආධ්‍යාත්මීය ආරක්ෂාව යොදා ඔවුන්ගේ නිවසට ද ආරක්ෂාව යෙදූ ගවේෂකවරයා දිනපතා සිදු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් ද ඔවුන්ට නියම කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40