Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ව්ලැදිමීර් පුටින් සහ ෂී ජින්පින් ද්විපාර්ශ්වික සාකච්ඡා අරඹයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ වන විට චීනයේ දෙදින නිල සංචාරයක නිරතව සිටිනවා.

ඒ අනුව ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර සිදුවන ද්විපාර්ශවික සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී වැඩිදුරටත් ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල සඳහන්ව ඇත්තේ.