ව්‍යාජ පණිවුඩයකට බිය වී 16 හැවිරිදි සිසුවෙක් සියදිවි නසාගෙන

අනවසර චිත්‍රපට වෙබ් අඩවියකට ඇතුළු වූ බව කියමින් ඒ සඳහා ගෙවීමක් සිදුකරන ලෙස දන්වා ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) නමින් ව්‍යාජ පණිවිඩයක් ලැබීමත් සමඟ ඊට බියට පත්ව ඉන්දියාවේ උතුරු කේරළයේ 16 හැවිරිදි පිරිමි ළමයෙක් සියදිවි නසාගෙන ඇති බව එරට පොලීසිය පවසනවා.

11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආදිනාත් නැමැති අදාළ සිසුවා පසුගිය බදාදා සවස චෙවායුර් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ ගෙල වැළලාගෙන සිටිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිසුවාගේ කාමරයේ තිබී සියදිවි නසාගැනීමට පෙර ඔහු විසින් ලියන ලද සටහනක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිය මව ආමන්ත්‍රණය කරමින් සිසුවා එහි සඳහන් කර ඇත්තේ තමා කිසිදු අනවසර වෙබ් අඩවියකට ඇතුළු නොවූ බවත් මවගේ ලැප්ටොප් පරිගණකයෙන් නීත්‍යානුකූල වෙබ් අඩවියකට පිවිස චිත්‍රපටයක් නැරඹූ බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය විසින් අදාළ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කර බැලීමේ දී ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) නමින් එවන ලද ව්‍යාජ පණිවිඩයක් එහි තිබී හමුව තිබෙනවා.

අදාළ ව්‍යාජ පණිවුඩයේ දක්වා ඇත්තේ, ඔහු අනවසර වෙබ් අඩවියකට පිවිසීම නිසා, ඔහුට රුපියල් 30,000 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවත්, එසේ නොකළහොත් ඊට වඩා විශාල දඩ මුදලක් සහ සිරදඬුවමක් නියම කරන බවයි.

පොලීසිය විසින් ලැප්ටොප් පරිගණකයේ බ්‍රවුසර ඉතිහාසය පරීක්‍ෂා කළ නමුත් මියගිය සිසුවා කිසිදු නීති විරෝධී වෙබ් අඩවියකට පිවිසී ඇති බවට කිසිදු හෝඩුවාවක් නොමැති බවයි පවසන්නේ.

කෙසේ වෙතත් සිසුවා විසින් අදාළ බ්‍රවුසර ඉතිහාස මකා දැමුවා ද යන්න පිළිබඳව නොදන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර සත්‍යය හෙළිදරව් කිරීම සඳහා සවිස්තරාත්මක විද්‍යාත්මක පරීක්ෂණයක් අවශ්‍ය බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් පැවසුවේ.

සිය දරුවාගේ අභාවයෙන් පසු දෙමව්පියන් ඔවුන් පදිංචිව සිටි නිවසින් බැහැරව වෙනත් නිවසක පදිංචිය සඳහා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34