ව්‍යවසායකත්ව රාජ්‍යයක් වෙනුවෙන් ‘සර්වජන භාරය’ පිහිටුවයි

ව්‍යවසායකත්ව රාජ්‍යයක් සතුටු දැයක් වෙනුවෙන් සර්වජන ට්‍රස්ට් හෙවත් ‘සර්වජන භාරය’ පිහිටුවීම පසුගිය දා කොළඹ දී සිදුකෙරුණා.

ඒ, සර්වජන භාරයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන්.

බිම් මට්ටමේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මාවතක් ලෙස “සර්වජන භාරය” එළිදැක්වීමේ අරමුණයි.

එමෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධන සහ කුඩා ව්‍යාපාර ඇරඹීම සඳහා මූල්‍යාධාර සැපයීම, රට තුළ ශක්තිමත් ව්‍යවසායකත්ව රාජ්‍යයක් සකස්කිරීමට සංවිධානගත සමූහ දායකත්වය ප්‍රවර්ධනය සහ දිළිඳු ජනතාවගේ සෞඛ්‍ය පෝෂණ සහ අධ්‍යාපන දර්ශක ඉහළ නැංවීම ද සර්වජන භාරයේ අරමුණු වී තිබෙනවා.

මෙම ‘සර්වජන භාරය’ පිහිටුවා ඇත්තේ ලාභ නොලබන පදනමක් ලෙසයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්, චීන නියෝජ්‍ය තානාපති, ඉන්දිනීසියානු මහකොමසාරිස්, මාලදිවයින් තානාපති මෙන්ම කැනඩා, ජපන්, රුසියානු, තායිලන්ත, නේපාල යනාදී රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, ව්‍යාපාරිකයින්, මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26