වසර 5ක් තිස්සේ තම දියණිය අඹුකමට ගත් තිරිසන් පියාට වැඩ වරදී

දැනට වයස අවුරුදු දාහතරක් වන බාල වයස්කාර තම දියණිය , වයස අවුරුදු එකොලහේ සිට මේ දක්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු පෙරේදා ( 29 ) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයට පදිංචියට පැමිණ සිටි 44 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

දැරියගේ මව ඔවුන් අතහැර යාම හේතුවෙන් පියා සහ නැගණිය සමඟ ජීවත් වන අතරතුර දැනට වසර හතරකට ආසන්න කාලයක සිට තමන්ට පියාගෙන් ලිංගික අපයෝජනයන් සිදු වන බව දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි .

එම අවස්ථාවන් වලදී තමන් , ඊට අකමැත්ත ප්‍රකාශ කරන විට පියා විසින් බඳ පටිය රැගෙන පහර දෙන බව ද දැරිය ප්‍රකාශ කර ඇතැයි ද වින්දිත දැරියගේ මව ඔවුන් හැර යෑමෙන් අනතුරුව සැකකාර පියා වෙනත් විවාහයන් දෙකක් සිදු කර ගෙන ඇති අතර , සැකකරුගෙන් සිදු වන හිංසනයන් හේතුවෙන් එම කාන්තාවන්ද ආපසු තම නිවස කරා ගොස් ඇති බව අනාවරණය වෙයි .

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31