වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගැනේ

වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියා University of New England හි ආචාර්ය උපාධිය හදාරන නාදන් එන්රික්ස් දායක වී තිබේ.

මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ වසර මිලියන 70 ක් පමණ පැරණි ෆොසිලයක් සොයා ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වූ අතර එය නෙමටොසෝරස් විශේෂයට අයත් බව වාර්තා වේ.නෙමටොසෝරස් ෆොසිලයක් මීට පෙර සොයාගෙන තිබුණේ 1970 ගණන්වලදී පෝලන්ත කණ්ඩායමක් විසිනි. මෙම ඇටකටු මොන්ගෝලියානු පාෂාණ විද්‍යා මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති අතර, ඉදිරි වසරවලදී ඒවා අධ්‍යයනය කිරීමට නියමිතය.

ඩයිනෝසර ෆොසිල විශාල වශයෙන් තැන්පත්ව තිබෙන ගෝබි කාන්තාරයේ කැණීම්වලට එක්වීමට හැකිවීම ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවක් බව නාදන් එන්රික්ස් පවසයි. මොවුන්ගේ කණ්ඩායම ඩයිනොසෝරයාගේ වළලුකර, කකුල, පැටවා සහ ඇඟිලිවල අස්ථි කැණීමට සමත් ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !