වසර ගණනක සිට දියණිය කෙළෙසූ පියා සහ මිතුරා රක්ෂිත බන්ධනාගාරයට

තම දියණියව දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පියා සහ ඔහුගේ මිතුරා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කරුවලගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකාර පියා වසර 06ක පමණ කාලයක සිට තම දියණියව වරින් වර දූෂණය කළ බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරු මීට සති දෙකකට පමණ පෙර දැරිය දූෂණය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකළ සැකකරුවන් දෙදෙනා පුත්තලම – කරුවලගස්වැව 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 40 සහ 44 හැවිරිදි වියේ පසුවන්නන්.

දැරියට වයස අවුරුදු 10ක කාලයේ සිට මේ දක්වා සැකකාර පියා විසින් ඇයව වරින් වර දූෂණය කර ඇති බවත්, මේ බව දැන ගෙන ඇති පියාගේ මිතුරෙකු වන අනෙක් සැකකරු ද මීට සති දෙකකට පමණ පෙර ඇයව දූෂණය කර ඇති බවත් පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?