spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තු සැසිවාරය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට විරුද්ධ ව චෝදනා ඇති නම් සාමාන්‍ය පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා.

මෙසේ වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක හා ගල්ගම සිරිධම්ම හිමි යන තිදෙනා රඳවා තබා දැනට දින 48ක් පමණ වන අතර විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූයේ එසේ කිරීමට ඔවුන් කර ඇති වැරැද්ද කුමක්ද යන්නයි.

රාත්‍රී කාලවල දී වසන්ත මුදලිගේ ව මල්වාන, කලවාන, නවගමුව යන ප්‍රදේශවලට රැගෙන යන බවත් එසේ රැගෙන ගොස් සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳ සැකයක් පවතින බවත් යම් ලෙසකින් සිද්ධියක් ඇති කොට පැන දුවන්නට හැදූ නිසා වෙඩි තැබුවා යැ යි පවසා වසන්ත මුදලිගේ ව ඝාතනය කළා යනුවෙන් ඉදිරියේ දී පැවසිය හැකි බව ද ඔහු අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?