වවුනියා මහා වනාන්තරයෙන් මතු වූ විශ්මිත සාක්ෂිය (PHOTOS)

වවුනියාවේ වනාන්තර භූමියක් තුළ තිබී මින් පෙර කිසිවෙකුට හමු නොවූ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක නටඹුන් හමු වී ඇති බව වවුනියාව පුරා විද්‍යා කාර්යාලය පවසනවා.

මෙම ස්ථානය ක්‍රිස්තුවර්ශ 4 – 8 සියවස් අතර කාලයට අයත් බවටයි මේවන විට සැක කෙරෙන්නේ.

වවුව්නියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මන්නකුලම් 225බී ග්‍රාම සේවා වසමට අයත්, මන්නකුලම් රක්ෂිත ප්‍රදේශයෙන් මෙම පුරාවිද්‍යා ස්ථානය හමු වී තිබෙනවා.

ප්‍රථමයෙන්ම මෙම ස්ථානය දැක ඇත්තේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16වන බලෑනිය විසින්.

පසුව ඔවුන් මේ පිළිබඳව වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දී ඇති අතර එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ස්ථානය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී විශ්කම්භය මීටර් 8ක් පමණ හා උස මීටර් 5ක් පමණ වන ස්තූපයක කොටස් සහ සෙන්ටිමීටර් 60 – 70 අතර උසින් යුත් ගල්කණු 12කින් පමණ යුතු පුරාවිද්‍යා ව්‍යුහයන් හමු වී ඇති බව සඳහන්.

වාස්තූ විද්‍යාත්මක රූපකරණයට අනුව මෙම ස්ථානයෙහි ටැම්පිට ගොඩනැගිල්ලක් තිබී ඇති බව ද පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා.

එමෙන්ම මෙහි ඇති ශිලා කුලුණු කොටසක ක්‍රි.ව. 8 – 9 සියවස්වලට අයත් මධ්‍යකාලීන සිංහල අක්ෂරවලින් ලියන ලද  පූජාවක් සම්බන්ධයෙන් කළ පිං අනුමෝදනා කිරීමක් ඇතුළත් ශිලා ලිපියක් ද සොයා ගත් බව ඔවුන් පවසනවා.

ඊට අමතරව පැරණි ගොඩනැ‍ගිලිවල ගඩොල්, පෙති උළු ඇතුළු වර්ග මීටර් 50ක පමණ භූමි ප්‍රමාණයක නටඹුන් මෙම ස්ථානයෙහි දක්නට ලැබෙනවා.

මෙම ස්ථානය පිළිබඳව අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, අභිලේඛන හා නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු, වවුනියාව, මන්නාරම, මුලතිව් සහකාර අධ්‍යක්ෂ ආර්. ජී. ජයතිලක, අභිලේඛන හා නානක විද්‍යා අංශයේ පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද  සහ එම කැණීම්  කෞතුකාගාර ශිල්පීන්, මුලතිව් කලාප භාර නිලධාරී ජනක ගුණතිලක, වව්නියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල ගවේෂණ අංශයේ නිලධාරී අනුරාධ බණ්ඩාර, වී. විජයකුමාර් සහ සිංහ රෙජිමේන්තුව 16 වන බලෑනියේ අණදෙන නිලධාරි ඇතුළු හමුදා නිලධාරීන් දායක වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14