වව්නියාව සරසවියේ පළමු වසරේ සිසුවෙක් නේවාසිකාගාර කාමරය තුළ මිය ගිහින්

වව්නියාව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් සිය නේවාසිකාගාර කාමරයේ මියගොස් සිටිය දී අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුවෙක් පළමුවන වසරේ ඉගෙනු ලැබූ සිසුවෙක් බවයි වාර්තා වුණේ.

23 හැවිරිදි මෙම සිසුවා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

නේවාසිකාගාර කාමරයේ මියගොස් සිටිය දී සිසුවා සොයාගැනීමෙන් අනතුරුව සිරුර වව්නියාව රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර, පුවරසන්කුලම් පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මෙම සිසුවා මීට දින කිහිපයකට පෙර හෘදය සම්බන්ධ රෝගයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඊයේ (31) දින රාත්‍රියේ තවත් මිතුරන් කිහිපදෙනෙකු ද සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11