වව්නියාවේ වැව් 639න් 415ක් පිටාර ගැලීම ඇරඹෙයි (ඡායාරූප)

අධික වැස්ස නිසා වව්නියාවේ වැව් 415 ක් පිටාර ගලමින් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ හේතුවෙන් ජන ජීවිතවල දෛනික කටයුතු සම්පූර්ණයෙන් ම ඇනහිට ඇති බවයි.

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූර්ණ වැව් 639 න් වැව් 415 ක් ම මේ වන විට පිටාර ගලන බවට වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර පවසා සිටියා.

වව්නියාවේ මහවැව් වූ පාවක්කුලම් ඇතුළු ගොවිජන සේවා දෙපාර්තමෙනේතුව, සුළු වාරිමාර්ග සහ මහා වාරිමාර්ග යටතේ ඇති වැව් 415 ක් අද උදෑසන වනවිට පිටාර ගලමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ සමස්ත වැව් 639න් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617න් වැව් 400 ක් ද, සුළු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17 න් වැව් 11ක් ද මහා වාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4ක් ද මේ වන විට පිටාර ගලන බවට ද වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු ද විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති අතර ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

5f7a3c1a b2d2 4421 9f50 91c7e99714ce
6a5f49da f015 40a5 bddf cdfeeac9d437
A 5 2
A 10
aa 1
aa 2
aa 4
aa 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21