වල දමා තිබූ භූගත උණ්ඩ ගබඩාවක් සොයාගනී

පලාලි, කාලන්කාඩු ප්‍රදේශයේ වලදමා තිබූ භූගත උණ්ඩ ගබඩාවක් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) පලාලි පොලිස් වසමේ පලාලි දකුණ, කාලන්කාඩු ලිපිනයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී ඉඩමක වලදමා තිබූ T56 ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන 7.62 X 39 ප්‍රමාණයේ උණ්ඩ 37,500 ක් අඩංගු පෙට්ටි 50 ක් සහ හැක් හැක් සහ ෆයිව් සීරෝ වර්ගයේ අවි සඳහා භාවිතා කරනු ලබන 12.7 X 108 ප්‍රමාණයයේ උණ්ඩ 400 ක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සොයාගනු ලැබූ ආයුධ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පලාලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?