වරෙන්තු 11ක් ඇති මුදල් වංචාකරුවෙක් පොලිස් අත්අඩංගුවට

විදෙස් රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම්වලට සම්බන්ධ සැකකරුවෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (29) අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට එරෙහිව ගනේමුල්ල, වැලිකඩ, මීගොඩ, ආනමඩුව, කඩවත, පිළියන්දල සහ කුරුණෑගල යන පොලිස් ස්ථාන වෙත මෙවැනි මුදල් වංචා සම්බන්ධයෙන් පැමිණිලි 14ක් ලැබී ඇති බව සඳහන්.

දැනට සිදු කළ විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 10කට අධික මුදලක් වංචා කර ඇති බවටයි.

සැකකරුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු 10ක් නිකුත් කර ඇති අතර පානදුර මහාධිකරණය මගින් එක් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගිනුයි වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44