වාහනයක් මීලදි ගැනීමට හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණ ආකාරය කරුණු තහවුරු කිරිමට නොහැකි වීම ඇතුළු වෝදනා යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ප්‍රධාන පරික්ෂක වරුණි බෝගහවත්ත ලබන (20) දක්වා රක්ෂිත මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක නියෝග කළා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය ඇතුළු තවත් පුද්ගලයන් පස් දෙනෙක් අද (06) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාරය මගින් ඉදිරිපත් කෙරුණා.
දුමින්ද ගුණසේකර, සුරංග එදිරිසිංහ , වරුණි බෝගහවත්ත, කල්පනී නැමැති තවත් කාන්තාවක් සහ, මීටපෙර අත්අඩංගුවට ගත් චමින්ද ගුණසේකර යන පස්දෙනාම ඒ අනුව ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය දිර්ඝ ලෙස කරුණු දක්වනු ලැබුවා.
එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කලේ සැකකරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව විමර්ශන වලදී අනාවරණය කර ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විදේශ ගත නැගණිය විසින් එවන ලද මුදල් සම්බන්ධයෙන් ලේඛන සැකකාර වරුණි බෝගහවත්ත ඉදිරිපත් කළද, අවස්ථා කිහිපයකදී වෙනත් පාර්ශවයක් විසින් ලීසින් පහසුකම ගෙවා තිබීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
ඇගේ වැටුපට සමාන වාරිකයක් සිය මෝටර් රථය වෙනුවෙන් කල්බදු පහසුකම් ලබා ගත් මුල්‍ය ආයතනය වෙත මාසිකව ගෙවා ඇති බව සඳහන් කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැති නිසා සැකකරුවන් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකකරුවන් සියලු දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තා ඉදිරි දිනයේදී සිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සැකකරිය වෙනුවෙන් සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නනායක්කාර, උදිෂා විරරත්න ,දිනේෂ් ගමගේ ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියා.
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන වරුණි බෝගහවත්ත මහත්මිය සතු හොන්ඩා වීසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය, ඉකුත් දා පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිය භාරයට ගනු ලැබුවා.










