spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වරකාපොල පස් කන්දට යටවී සිටි මවගේ සිරුර සොයාගැනේ (ඡායාරූප)

පැවති අධික වර්ෂාවත් සමඟ වරකාපොල – තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (14) සිදු වූ අනතුරින් අතුරුදන්ව සිටි මවගේ සිරුර අද (15) අලුයම සොයාගෙන ඇති බව වාර්තා වනවා.

යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමක දී ඇයගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පස් කන්දට යටවීමෙන් තවමත් අතුරුදන්ව සිටින වැඩිමහල් පුතු සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී එම නිවසේ තිදෙනෙකු සිට ඇති අතර, අනතුර සිදු වූ අවස්ථාවේ පියා මුදාගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා.

අනතුරුව ඔහු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර, මෙම පවුලේ දස හැවිරිදි බාල පුත්‍රයා අනතුර සිදුවන අවස්ථවේ නිවසේ සිට නැහැ .

ඒ, උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් සිටීම හේතුවෙන්.

b49c3562 warakapola 1 2
image 9245f000c1 2
0d1e6b8a warakapola 3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?