වයසින් වැඩි කාන්තාවක් තම අඹුව කරගෙන ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා

අම්මා කෙනකු සිටියද තරුණ ධනුෂ්ක කුඩා කාලයේ සිටම හැදී වැඩෙනුයේ තම කිරි අත්තා හා අත්තම්මා ගේ සෙවණේ ය. ඉන්නට හිටින්නටවත් හරි හමන් ගේ දොරක් නොමැතිව ඇන්කර් කැලයේ අනවසර ඉඩම්වල අටවා ගත් ඉතාම කුඩා පැල්පතක මිය ගිය තරුණයා ද, අත්තම්මා හා මෑණියන් ද කල් ගෙවන්නේ එදිනෙදා කරන කුලී වැඩකිනි.

ධනුෂ්ක වැඩිපුරම කළේ නිවසට ඉතාම කිට්ටුව ඇති වී හාල් බිස්නස් කරන ව්‍යාපාරිකයකු ළඟය. ඒ වී කිරීම සඳහා ලොරි රථයක ආසන්න ගම් බිම් වලට හිමිකරු ද සමඟ යාමෙනි.

මේ අතරතුරේ කුච්චවේලි ප්‍රදේශයට මීට ටික කාලයකට පෙර ගිය අවස්ථා කීපයකදී මුණ ගැසුණු කාන්තාවක් කෙරෙහි සිත් ඇදී ගිය ධනුෂ්ක ඒ කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩ නඟා ගත්තේ ය.

සහකාරියගේ වයස අවුරුදු 45 කි. තම මවට වඩා වසර තුනකින් වැඩිමහල් ය. දරුවන් හතර දෙනෙකි. අවුරුදු 14, 11, 6, වයස්වල දරුවන් සිටින අතර අවුරුදු 1 ½ ක කුඩා දරුවා පමණක් රැගෙන නව යුවළ කන්තලේ ට පැමිණ ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් මිය ගිය අයගේ ආච්චි බී. එම්. පද්මාවතී (70) යන අය අප සමඟ පැවසුවේ මෙවැන්නකි. “අපේ ගෙට එහා පැත්තෙන් වෙන කෙනකු ගේ වාඩියක තමයි දෙන්නා ජීවත් වුණේ.

ඇවිල්ලා සුමානයක් වත් ගියේ නැහැ අඬ දබර පටන් ගත්තා. නිතරම ගහ මරා ගත්තා. කොල්ලා වැඩකට ගියාට පස්සේ මේ ගෑනී එහේ මෙහේ රවුම් ගැහුවා කියලා ආරංචි වෙලා තමයි රණ්ඩු වෙන්නේ. එයා හරි අමුතු ගෑනියක්.

පුතා කුලී වැඩට ගියාම මෙයා හොඳට ඇඳ පැලඳ ගෙන ගෙදරින් යනවා. හවස් වෙලා තමයි එන්නේ. ඉතින් පුතා ඇවිත් රණ්ඩු කරනවා. ධනුෂ්කව හම්බවුණේ ළමයගේ අම්ම (මගේ දුව) කුඩා වයසක දී. මට තව විවාහ වුණ පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. මේ මගේ එකම දුව ” ධනුෂ්ක ගේ මව වූ එච්.පී.පද්මලතා (42) නමැත්තිය කියා සිටියේ වැදූ අම්මා තමන් වුවද දරුවා කුඩා කාලයේ සිටම හැදී වැඩුණේ ආච්චි අම්මා ළඟ බවයි.

‘මම දැන් විවාහවී දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. පුතා කුඩා කාලයේ ඉඳලාම මගේ ගෙදරටවත් එන්න කැමති නැහැ, ඇඳුම් පැලඳුම් අරන් දෙන්නේ කෑම බීමත් දෙන්නේ , ඉස්කෝලෙට යවන්නේ, ඒ හැමදේම සිද්ධ වුණේ මගේ අම්මා අතින්‘

ධනුෂ්කට ඉගැන්වූ කන්තලේ ත්‍රි / අග්‍රබෝධි විදුහලේ ආචාර්ය ශාන්ත කුමාර “මේ ළමයා දන්න කාලේ ඉඳලා හරිම අහිංසකයි. ළමයි වුණාම ගහගන්නවා, රණ්ඩු වෙනවා. එක එක දේවල් කර ගන්නවා.

නමුත් මෙයා ඒ වගේ දෙවල් වලට අහුවෙන්නේ කලාතුරකින්. හරි සංවේදියි. සමහරවිට මේ මරණයටත් ඒක බලපාන්න ඇති. මේ දරුවා ආච්චි අම්මා ළඟ බොහෝ ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන බව පන්ති කාමරයේදී මට තේරුම් ගියා . ඒ දුෂ්කරතා නිසාම ඉගෙනීමටත් ලොකු දක්ෂතාවක් තිබුණේ නැහැ‘ ලෙස ය. ධනුෂ්ක කුලී වැඩට යන තැන්වල කීප දෙනෙකුගෙන්ම අප ඔහු ගැන තොතුරු විමසූ අතර ඒ කිසිවකු වරදක් නම් කීවේ නැත.

අලුත් ජෝඩුව රණ්ඩු වෙවී, යාළු වෙවී කෙසේ හෝ අඬ දබර මැද පුංචි පැල්කොටේ මාස 6 කට ආසන්න කාලයක් ගත කරද්දී ඉකුත් 24 දා උදෑසන මේ සිවුදරු මව ගේ ස්වාමි පුරුෂයා ආවේශ වීගෙන මෙම පැලට පැමිණියේ ය.

එහිදී ස්වාමි පුරුෂයා හා මියගිය අය අතර ගුටි බැට හුවමාරුවක් ද සිදුවූ අතර සියල්ලෝම පොලිසියේ නතර විය.

මෙහිදී හෙළිවූයේ පසුගිය මාස කිහිපය තිස්සේම මේ ජෝඩුව විසින් පැමිණිලි විශාල ප්‍රමාණයක් පොලිසිය වෙත යොමු කොට ඇති බවත්, ඒ හැම අවස්ථාවකම අවවාද දී පිටත් කළත් ඔවුන් ගේ කිසිදු වෙනසක් මෙතෙක් සිදුවී නොමැති බවත් ය.

පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක සඳහන් කර සිටියේ අවසානයේ නිත්‍යානුකූල සැමියා පැමිණ තම බිරිඳ රැගෙන යාම නිසා අවාසනාවන්ත ලෙස තරුණ ජීවිතයක් වැළලී ගිය බවයි. සිද්ධිය වූ දා ( 24) සිය අනියම් බිරිඳ රැගෙන යාම නිසා සවස් කාලයේ මහත් සිත් තැවුලින් නිවසේ මිදුලට වී කල්පනා කරමින් සිටි ධනුෂ්ක සිය ආච්චී සමඟ ද තම හිත් වේදනාව පවසා ඇත.

ධනුෂ්ක අවසානයේ රාත්‍රි 8 ට පමණ අවසන් ගමන් ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ 26 වෙනිදා කන්තලේ මූලික රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරි පී. පී. දෙල්ලහගොඩ විසින් සිදු කළ අතර ගෙල සිර කර ගැනීම නිසා හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කරන ලදී. කරන ලද පී. සී. ආර් පරීක්ෂණ වාර්තා අනුව ඔහු කොවිඩ් ආසාදිතයකු බවද හඳුනා ගෙන ඇත.

කන්තලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන ගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි 1 රෝහණ වනිගසේකරගේ පූර්ණ අධීක්ෂණය මත වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක ගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

  1. කුනු මාලු කන්න පුරුදු උනාම . කුනු මාලුම හොය හොයා කන උන් තමා මෙ. තම මවටත් වඩා වයස ගෙනියෙක් එක්ක දීග කනවා කියන්නෙ. කුනු මාලු තව හොන්දා. වටෙ ගිහින් ලමයිනුත් හදන් එන මෙ වාගෙ ගෙනුන්ගෙ ඇසුර පතන දීග කන්න යන උන්ට හොන්දම පාඩම මේ යකා දුන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37