Empty Ad
Empty Ad
 Empty Ad

වන අලි සංගණනයක් ලබන අගෝස්තුවේ

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එළඹෙන අගෝස්තු මස 19 සහ 20 යන දිනයන්වල දී මෙම සංගණනය පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම වන අලි සංගණනය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදාගැනීමට නියමිත අතර, ඊට අමතරව යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තුළ 2011 වසරේදී අවසන්වරට වන අලි සංගණනයක් සිදුකරනු ලැබුවා.

එම සංගණනයට අනුව වන අලි 5,879ක් සිටින බව අනාවරණය වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?