වතු කම්කරුවන්ට ආපදා පෙරහුරුවක් (ඡායාරූප)

වතු ආශ්‍රිත පදිංචිකරුවන්ට ආපදා පෙරහුරු වැඩසටහනක් අද හැටන් කොටගල මේෆිල්ඩ්, යුනිෆිල්ඩ් සහ කුඩාඔය යන වතුවලදි පවත්වා තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක්වයි මෙම ආපදා පෙරහුරු වැඩසටහන සිදු කර ඇත්තේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලට අධික වර්ෂාව සහ තද සුළං පවතින අවස්ථාවල සිදු වන නායයාම්, ගංවතුර තත්ත්වයන්, පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් යන ආපදාවන් හමුවේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමේ අරමුණින් මෙම ආපදා පෙරහුරු වැඩසටහන පැවැත් වු බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එම්.බණ්ඩාර මහතා කියා සිටියේ.

වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි ආපදා පෙරහුරුවක් පැවැත් වු ප්‍රථම අවස්තාව මෙය බවත්, අධික වර්ෂාව පවතින අවස්ථාවල නායයාම් ලක්ෂණ හඳුනාගැනිම සම්බන්ධයෙන්ද මෙම පෙරහුරුවේදී වතු කම්කරුවන් දැනුවත් කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ කසුන් තරින්ද මහතා ප්‍රකාශ කළා.

හදිසි ආපදාවකදි රෝගීන් සහ තුවාලකරුවන් එම ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට, අවතැන්වූවන්ට පිසූ ආහාර පිළියෙළ කිරීමට, අවතැන් වූවන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම සඳහා පෙරහුරුව පැවැති වතුවල තරුණ කණ්ඩායම් ස්ථාපනය කර තිබුණා.

අද සිට දින තුනක් වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙම පෙරහුරු වැඩසටහන පවත්වන අතර පෙරහුරු වැඩසටහන සම්පුර්ණයෙන්ම විඩියෝගත කර අනෙක් වතුවල පදිංචි වතු කම්කරුවන්ට එය නැරඹීමට අවස්ථාව සලසා දෙන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14