වගා ළිඳකට වැටුනු අලි 4 ක් බේරාගනියි (ඡායාරූප)

වවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වන අලි හතරදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිළධාරීන් කටයුතු කළා.

ඔවුන් පැවසූවේ ගම්වැසිකුගෙන් ලද තොරතුරකට අනුව වගා ළිඳට වැටී සිටි විශාල අලි දෙදෙනෙකු හා අලි පැටවුන් දෙදෙනෙකු බැකෝ යන්ත්‍රයක් අදාරයෙන් බේරා ගත් බවයි.

එම අලි රංචුව 26 වැනිදා රාත්‍රියේ ළිඳට වැටෙන්නට ඇති බවට වනජිවි නිළධාරීන් විශ්වාස කරනවා.

Elephant 07
Elephant 06
Elephant 05
Elephant 03
Elephant 01