වගා ළිඳකට වැටී තරුණියක් මරුට

මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසල පිහිටි කුඹුරු යායට ගොස් නැවත පැමිණීමේදී වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබෙනවා.

පසුව අවට සිදු කළ පරීක්ෂා කිරීමේදීයි ඇය වගා ළිඳට වැටී සිටින ආකාරය දැක ඇත්තේ.

මියගිය තරුණියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහ රෝහලට යොමු කර තිබෙනවා. මිහින්තලය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?