ලෝක බැංකුවෙන් දැවැන්ත ආධාර මුදලක්

ලෝක බැංකුව ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍ය ආධාරයක් ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. ඒ අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහායි.

ඊයේ (11) මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවක ම හිඟයක් පවතින අතර, මේ හේතුවෙන් රෝගින් මෙන් ම වෛද්‍යවරුන් ද පත් ව ඇත්තේ දැඩි අපහසුතාවකට යි.

මේ අතර, ඊයේ දිනයේ කැකිරාව ප්‍රදේශයේ වෛද්‍යවරුන් ද පාරට බැස විරෝධතාවක නිරත වුණේ, රෝගී ජීවිත අනතුරේ නො දමා කඩිනමින් ඖෂධ හිඟයට පිළියමක් යොදන ලෙස ඉල්ලමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?