ලෝක බැංකුව ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍ය ආධාරයක් ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. ඒ අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහායි.
ඊයේ (11) මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවක ම හිඟයක් පවතින අතර, මේ හේතුවෙන් රෝගින් මෙන් ම වෛද්‍යවරුන් ද පත් ව ඇත්තේ දැඩි අපහසුතාවකට යි.
මේ අතර, ඊයේ දිනයේ කැකිරාව ප්‍රදේශයේ වෛද්‍යවරුන් ද පාරට බැස විරෝධතාවක නිරත වුණේ, රෝගී ජීවිත අනතුරේ නො දමා කඩිනමින් ඖෂධ හිඟයට පිළියමක් යොදන ලෙස ඉල්ලමින්.














ඩොලර් මිලියන 10 දැවැන්ත ආධාර මුදලක් වෙන්නෙ කොහොමද?. අපිට ඩීසල් සහ පෙට්‍රල් ගෙනෙන්න මාසයකට ඩොලර් මිලියන 450 අවශ්‍යය වෙනවා.