spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

“එකම පෘථිවියක්” යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි.

1972 වසරේ දී ස්විඩනයේ, ස්ටෝක්හෝම් නුවර පැවති ගෝලීය සමුළුවකදී ප්‍රථමවරට පරිසරය හා සංවර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වුණා.

ඒ අනුව එම තීරණය ගෙන මේ වනවිට වසර 50ක් ගතවීම විශේෂත්වයක්.

ලෝක පරිසර දිනය ලෙස ජුනි මස 05 වනදා නම් කරනු ලැබුවේ 1974 වසරේදී වන අතර ඒ වෙනුවෙන් සෑම වසරකම පරිසරයට සමගාමී වැඩසටහන් රැසක් ලොව පුරා ක්‍රියාත්මක වනවා.

ස්වීඩනය විසින් 2022 ජගත් පරිසර දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව සත්කාරකත්වය ලබාදී සැමරීමට කටයුතු සැලසුම්කර තිබෙනවා.

පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මෙරට තුළදී ද මෙවර ජගත් පරිසර දිනය “මිහිතලය ඒකම නිවහනයි” යන තේමාව යටතේ සමරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?