spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක තෙල් මිල බැස්සත් අපේ මිල නොබසින හේතුව

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලට සාපේක්‍ෂව තෙල් මිල පහළ දැමිය යුතු ප්‍රමාණ සකසා ඛනිජ තෙල් අමාත්‍යාංශය වෙත යොමු කළත් එය ඉහළින් අනුමත නොකිරීම නිසා මෙරට ඉන්ධන මිල පහළ දැමීමට නොහැකි වී ඇතැයි තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

සති දෙකකට වරක් ඉන්ධන මිල සූත්‍රය ට අනුව ඉකුත් මාස කිහිපයේ දී මෙය වාර්තා වු බවත් ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රමවේදය සහ අදාළ ප්‍රීමියම් ගාස්තු, ප්‍රමාද ගාස්තු රක්‍ෂණ ගාස්තු ආදිය එකතුවූ පසු සිදුවන අතිවිශාල පාඩුව නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ යෑමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමට නොහැකිවී ඇතැය ද ඔහු පැවසීය.

2022 ජුනි මස ඉන්ධන මිල ගණන් ඉහළ දමමින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුව දැනට වෙළෙඳ පොළේ අලෙවි කරන පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන ලීටරයක මිල රුපියල් 100කින් පමණ පහළ දැමීමට හැකියාව තිබෙන බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?