ලෝක කුසලාන පාවාදීමේ චෝදනාව නිසා මම දෙවැනි තැනට වැටුණා – ඇමති මහින්දානන්ද කියයි

2011 වර්ෂයේ ලෝක කුසලානයේ අවසන් මහ තරගයේදී තරග පාවාදීම ගැන සිදුකළ ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණය ගැන තමන් සෑහිමට පත් නොවන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

” 2011 අවසන් ලෝක කුසලාන තරගයේ පාවා දීමක් සිදුවූ බවට මම ප්‍රකාශයක් සිදුකළා. නමුත් ඒ ගැන සිදුවූ පරීක්ෂණ ගැන මම සෑහීමට පත්වන්නේ නැහැ. මොකද මම කිව්වේ නැහැ තරග පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධයි කියලා. මම කිව්වේ නැහැ සංගක්කාර, මහේල, අරවින්ද මහත්වරුන්ව ගෙනල්ලා ප්‍රශ්න කරන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ඩි.එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග සහ කණ්ඩායමේ කළමනාකරු සුරාජ් දන්දෙණිය ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකලේ නැහැ.

මොකද මේ ගැන අහන්න ඕන අය ඒ අයයි. එහෙම නැතුව ක්‍රීඩකයින් ගෙන් ප්‍රශ්න කරන්න කියලා මම කොතනකවත් කිව්වේ නැහැ. ඔය ගැන කිව්වා කියලා ගිය මහ මැතිවරණයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට ආවේ. මොකද මට විරුද්ධව කැම්පේන් එකක් ගියා මේ ගැන කතා කළා කියලා මට ජන්දය දෙන්න එපා කියලා.

අනිත් කරුණ තමයි මම අදටත් ඔය මැච් ෆික්සින් කියන එක වෙනවා.” අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදීමක් සිදුවූ බවට සිදුකළ ප්‍රකාශය ගැන නිසි සාක්ෂි නොමැති බව පවසමින් එම පරීක්ෂණ අවසන් කිරීමට නීතිපතිවරයා පසුගියදා තීරණය කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?