spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයේ ඉන්දු – බංග්ලාදේශ තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 17 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර යි.

අද තරගය පූනේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ වනවිට මෙවර එක්දින ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටින්නේ ඉන්දීය කණ්ඩායම යි.

ඒ ඔවුන් ක්‍රීඩා කළ සියලු ම තරග ජය ගනිමින් ප්‍රසාද ලකුණු 06ක් අතැතිව යි.

පළමු ව තැන ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් උදුරාගන්නට නවසීලන්තය සමත් වුණේ ඇෆ්ගනුන් පරදා තරගය ජයග්‍රහණය කිරීමත් සමගින්.

කෙසේවෙතත් බංග්ලාදේශයට අද තරගය ජයග්‍රහණය කිරීම වඩා වැදගත් වනවා.

ඔවුන් මේ වනවිට ක්‍රීඩා කළ තරග 03න් එකක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?