ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන තරගය බලන්න ඉන්දියාව තුළ දැන් සිටම උන්මාදයක්

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාර ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථානය අතර තරගය ඔක්තොම්බර් 15 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පසමිතුරන් අතර පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් උනන්දුවෙන් පසුවන අතර, එම උනන්දුවත් සමඟ ඔක්තෝබර් 14 වනදා අහමදාබාද් වෙත පැමිණෙන අභ්‍යන්තර ගුවන් ගමන්වල ටිකට් පත්වල ගාස්තුව ද අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තරඟය සඳහා මාස තුනක් ඉතිරිව තිබියදීත් ඇතැමුන් ඔක්තෝබර් 14 වනදා අහමදාබාද් වෙත පැමිණීමට මේ වනවිටත් ගුවන් ටිකට් පත් කල්තියා වෙන්කර ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් දිල්ලි නුවර සිට අහමදාබාද් දක්වා සහ මුම්බායි සිට අහමදාබාද් දක්වා සෘජු ගුවන් ගමන් සඳහා අයකෙරෙන ගාස්තුව මෙලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මේ අතර තරගාවලියේ කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කළදා සිට, ඉන්දු පාකිස්ථාන තරගය පැවැත්වෙන දිනයේ සහ ඒ අවට දිනවල අහමදාබාද් හි හෝටල් සඳහා අයකෙරෙන ගාස්තු ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අහමදාබාද් නුවර සුඛෝපභෝගී හෝටලයක එක් රාත්‍රියක් සඳහා ඉන්දීය රුපියල් 50,000ක් වැනි ඉහළ මුදලක් අයකෙරෙන බව සඳහන්.

මෙවැනි තත්ත්වයක් ඉන්දියාව තුළ පැවතිය ද පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යෑමට තවමත් පාකිස්ථාන රජයෙන් අවසර හිමිව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07
Video thumbnail
චෞර වළල්ලට අධිභාරය ගැන ඔත්තුව කළින් දීලා - විමල්ගෙන් වාහන අධිභාරය ගැන ප්‍රබල හෙළිදරව්වක්
05:15
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40