අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ

පසුගිය කොවිඩ් කාලය පුරා කාලය, ශ්‍රමය හා දැනුම කැපකරමින් තමා සිදුකළ සේවය වෙනුවෙන් වැටුපක් හෝ ලබානොගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ පවසනවා.

එවැනි කැපකිරීමක් සිදුකරමින් ඉටුකළ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාට දුකක් ඇති බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කර සිටියේ.

තමාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට හේතුව මෙතෙක් සිතාගත නොහැකි බවත් තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ද සඳහන් කර සිටියා.

මෙහිදී මාධ්‍යවේදියා විසින් වැඩිදුරටත් උදිත් ජයසිංහ ගෙන් විමසා සිටියේ, “ආහාර හිඟයක් ඇති වෙනවා” යනුවෙන් පැවසීම මෙම තනතුර අහිමිවීමට බලපෑවේ ද යන්නය.

එයට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කර සිටියේ, ආහාර හිඟයක් ඇති වෙනවා යන්න ආන්දෝලනාත්මක වන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අයට බවයි.

“ආහාර හිඟයක් මේ කියන තත්ත්වය යටතේ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැත්තේ නෑ. මේ දැන් වවලා තියෙන කුඹුරු දැක්කහම එළවළු හා පළතුරු වගාව දැක්කහම, තේ පොල් රබල් වගාව දැක්කහම ආහාර හිඟයක් ඇති වෙනවා. ඇති වෙන්නේ නැත්නම් ප්‍රාතිහාරයක් වෙන්න ඕනේ. අපි මුල ඉඳලාම කියලා අපි ඒකට පෙළගැස්වීමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව එකපාරට මාර්තු මාසයේ වී නෑ, පොල් නෑ. අරක නෑ. මේක නෑ අපි කිව්වේ නෑ කියලා කියන්න නෙමෙයි. අපි යම් විද්‍යාත්මක අනතුරු ඇඟවීමක් සහ පෙර සැකසුමක් ඇතිව දැන් කටයුතු කළොත් මාස දෙක තුනකින් හරි මේකෙන් ගොඩ එන්න පුළුවන් කියන එක පෙන්වීම සඳහා තමයි මම බොහොම සරලව ඒ කටයුත්ත කළේ. එහෙම නැතුව රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනයක් වෙන්නේ නෑනේ ආහාර හිඟයක් එනවා කිව්වා කියලා.”

ප්‍රශ්නය – ඔබතුමාට දත්ත තියෙනවා ද?

“ආහාර සුරක්ෂිතතාවය තමා මගේ ප්‍රධාන අංශය මගේ පර්යේෂණවල. කෘෂි ආර්ථික විද්‍යාඥයෙක් විදියට මම තව 100ක් 200ක් එක්ක ඔය කටයුත්ත කරලා, පර්යේෂණ කරලා, විවිධ පත්‍රිකා ගහලා ඒවට සම්මාන ලැබිලා ඔක්කෝම වෙලා තියෙනවා. ඉතින් ඕක කියන්න බැරි නම්, යම්කිසි පුරෝකතනයක් සංඛ්‍යා ලේඛන එක්ක කියන්න බැරි නම් අපි අවුරුදු 30ක් විතර ඕක ඉගෙන ගන්න ඕනයැ. මේ වෙන දේ කින් ඊළඟට වෙනදේ කියන එක තමා විද්‍යාවේ තියන වැදගත්ම දේ. කාටහරි ඕක නොවැදගත් වෙන්න පුළුවන්. හිත රිදුනා වෙන්න පුළුවන්. කොළේ වහලා ඉන්න කෙනෙකුට කරදරයක් වෙන්න පුළුවන්. හැබැයි මේක තමා ඇත්ත තත්ත්වේ.”

ප්‍රශ්නය – ඔබතුමා මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට සහ ජනාධිපතිවරයාට දැනුම් දුන්නා ද ?

“මෙහෙමයි ආහාර හිඟයකට දැනුම්දෙන එක එකපාර ලියුම් ලියලා දැනුම් දෙන්න අවශ්‍ය නෑ. අපි සාකච්ඡා කරනවා. අපි ආහාර සම්බන්ධයෙන් වැඩකරන කමිටුවල ඉන්නවා. ඒ වගෙත් කියන්නේ ඕක ගැන. අපි සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. ඒවා ඔක්කෝම අහන් ඉඳලා ඇවිත් කෑ ගහන්නේ නෑ. නමුත් ජනතාව දැනුවත් කරන්න බැරි නම්, මට ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔයාගේ එක යුතුකමක් තමා ජනතාව දැනුවත් කරන එක කියලා. ඉතින් මං ඒක තමා කරේ.”

ප්‍රශ්නය – අන්තිමේ දී ජනතාව දැනුවත් කරන්න ගිහින් ඔබතුමාගේ රස්සාවත් නැතිකර ගත්තා.

“කමක් නෑ. ජනතාව දැනුවත් වුණානම් මදැ. මගේ රස්සාව නැතිවුණා කිව්වහම නැති වුණේ මගේ සෙකට්රිකම. මම ඒකට දුක්වෙනවා. දුක් වෙනවා කියන්නේ ඒක නැතිවෙලා විලාප තියෙන එක නෙමෙයි. යමක් හරියට කරගෙන ගිහිල්ලා ඒක එතැනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා නම් මං කියන්නේ පෘතඥනයෙක් වෙන්න බෑ. රහත්වෙලා තියෙන්න ඕනේ. මොකද අපේ කාලය, ශ්‍රමය, අපේ දැනුම පහුගිය මාස ගානම මුළු කොවිඩ් කාලෙම අපි වියදම් කළේ, සතපහක් අරගෙනවත් හම්බකරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩුම ගානේ සෙකට්රි විදියට හම්බවෙන රුපියල් 50,000වත් හම්බවුණේ නෑ. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ. කමක් නෑ. ඒ නිසා දුකක් තියෙනවා. හැබැයි මට ගෙදර යන්න වෙද්දි කාටහරි ප්‍රයෝජනයක් වුණානම් ඒ ඇති.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59