AFC Banner
Empty Ad
Empty Ad

ලීසිං ඇරියස් වාහන බලෙන් ගන්න බෑ – මුදල් රාජ්‍ය ඇමති

බැංකුවලට සහ මුල්‍ය ආයතනවලට කල්බදු ගෙවීම පැහැර හරින ලද වාහන අත්පත් කර ගත හැක්කේ වාහන හිමිකරුගේ විරෝධයක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පරාටේ බලතල යටතේ යම් දෙපොළක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් බව ද රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළා.

රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ ප්‍රායෝගික අත් අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටි නීතියක් වන Parate execution භාවිතය පිළිබඳ ප්‍රකාශයක් සිදු කරමින්.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා අවස්ථා 173කදී බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු සංවිධාන 19ක් විසින් Parate execution භාවිතා කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

Lease vehicle 1
Lease vehicle 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?