spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

අඛණ්ඩව ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බවත් සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය තුළ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ “ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලැබුණු ඩොලර් මිලියන 70ක මුදල අපි නැවත වතාවක් භාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළා. ලෝක බැංකුවේ ආධාර මුදල අපි ගන්නේ ජූලි මාසයේ. මුල් කොටස ලබාගෙන අපි දැන් මැද කොටසේ ඉන්නේ. ඉතිරි කොටස දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් ගේන නැව් තොගවලට ලෝක බැංකුවේ ඩොලර් මිලියන 70 ඉතිරි කොටස් ගෙවමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ බිලිනය 6.5ක් ගෙව්වා වගේම ඔක්තොම්බර් මාසයේ තවත් බිලියන 8ක මුදලක් මහ භාණ්ඩායට ගෙවීම් කරලා ඉවර කරනවා. එහෙම කරලා දෙසැම්බර් මාසයේ ඇතුළත් මුළු බිලියන 26 ආසන්න වශයෙන් ලිට්‍රෝ ගෑස් ආයතනයම ගෙවලා නිමකරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ.”

යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?