spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිල සති අන්තයේ ඉහළට ?

මිල සුත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් පමණක් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 100කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිත බව සඳහන්.

මෙම මිල ඉහළ දැමීම ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

මෙලෙස ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමයි.

වෙළඳ පොලේ මේවන විට ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4409ක මුදලකටයි.

මේ අතර ඊයේ දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගත්තා. ඒ අනුව පෙට්‍රල් ලීරයක නව මිල රුපියල් 400ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?