ලිට්‍රෝ ගෑස් මිල සති අන්තයේ ඉහළට ?

මිල සුත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් රුපියල් 350 ත් 400 ත් අතර අගයකින් පමණක් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 100කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිත බව සඳහන්.

මෙම මිල ඉහළ දැමීම ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

මෙලෙස ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමයි.

වෙළඳ පොලේ මේවන විට ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4409ක මුදලකටයි.

මේ අතර ඊයේ දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගත්තා. ඒ අනුව පෙට්‍රල් ලීරයක නව මිල රුපියල් 400ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51