ලිංගික සංක්‍රාන්තියට ලක් වූ ක්‍රීඩිකාවන්ට තහනමක්

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර තිබෙනවා.

එහි සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා ප්‍රකාශ කර ඇත්තේ, වැඩිවියට පත් වූ කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31 වන දා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට අවසර නොදෙන බවයි.

සංක්‍රාන්ති ලිංගික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කාන්තා කාණ්ඩයේ තරග කිරීමට පෙර මාස 12ක කාලයක් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් අඛණ්ඩව ඔවුන්ගේ රුධිරයේ අඩංගු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය උපරිමය 5nmol/L දක්වා පවත්වා ගෙන එම සීමාවේ රැඳී සිටිය යුතු බවට ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ පෙර පැවති නීතිවලට අනුව අවශ්‍ය වුණා.

කෝ සාමිවරයා දන්වා ඇත්තේ, මෙම තීරණය කාන්තාවන් ආරක්ෂා කිරීම යන පුළුල් මූලධර්මය අනුව ගත් එකක් වන බවයි.

දැනට ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා සඳහා තරග කරන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති බව ද ඔහු පෙන්වා දී කර තිබෙනවා.

මීට අමතරව අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ටෙස්ටොස්ටෙරෝන් සීමාවන් දැඩි කර ඇති බවයි පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ.

ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ ප්‍රකාශ කළේ පිරිමියෙකු වශයෙන් වැඩිවියට පත් වූ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ කාන්තා කාණ්ඩය ආරක්ෂා කිරීමේ මූලික අවශ්‍යතාවය මත බවයි.

මෙම දැඩි නීති රීති ඔලිම්පික් මීටර් 800 ශූර කැස්ටර් සෙමෙන්යා, 2020 ඔලිම්පික් රිදී පදක්කම්ලාභී ක්‍රිස්ටීන් එම්බෝමා, මීටර් 200 ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සහ 2016 ඔලිම්පික් උළෙලේදී සෙමෙන්යාට අනුශූරිය වූ ෆ්‍රැන්සින් නියොංසාබා වැනි අයට බලපානු ඇති.

මෙය අගෝස්තු මාසයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තාවන් කිහිප දෙනෙකුට තරඟ වැදීම වලක්වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42