ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කාට අධිකරණයෙන් දුන් දඬුවම

කාන්තාවකගෙන් ලිංගික සහ රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයාව නොවැම්බර් මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියම කර තිබෙනවා.

පුත්තලම දිසා විනිසුරුවරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුවයි.

හලාවත – කරවිටාගාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් කර තිබූ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය 28 වැනිදා සවස වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ පුත්තලම – ගබඩා මාවතේ පවත්වා ගෙන යන ලැගුම් හලකදීය.

පැමිණිළිකාරිය වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති අතර පසුව පවුලේ ඇති වූ ප්‍රශ්න හේතුවෙන් දෙදෙනා වෙන්ව ජීවත් වී තිබෙනවා. නමුත් දෙදෙනාම එකම ගොඩනැගිල්ලක පිහිටි කඩ කාමර දෙකක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. මෙම හේතුව නිසා වෙන්ව ජීවත් වූ අඹු – සැමියන් අතර නිරන්තර ගැටුම් හට ගෙන තිබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන පැමිණිළි කීපයක්ද වනාතවිල්ලුව පොලීසිය විසින් විභාග කර තිබෙනවා. එක් අවස්ථාවක පැමිණිළිකාර කාන්තාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

සිදු වෙමින් පවතින පවුල් ආරවුල වාසි සහගත ලෙස විසදා දීම සදහා රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් පැමිණිළිකාර කාන්තාවගෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. එම කාන්තාව මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් අනුව පැමිණිළිකාර කාන්තාව වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව පසුගිය 28 වැනිදා පුත්තලම නගරයේ පිහිටි ලැගුම් හලකට දෙදෙනාම පැමිණ තිබෙනවා. පැමිණිළිකාර කාන්තාව සමග ලැගුම් හලේ කාමරයක සිටියදී වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (29) පුත්තලම දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කටයුතු කර තිබුණා.

(ජුඩ් සමන්ත)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25