පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට ලබන මාර්තු මස 07 වනදා සිදු කෙරෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්නගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා (20) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.
පර්යේෂණ මත තහවුරු වී ඇති ශ්‍රී ලංකාවේ ගැටලු රැසකට පාදක වී ඇති පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යපනය පිළිබඳ අල්ප වූ දැනුම වර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන සකස් වී තිබෙනවා.
පෙරපාසල් දරුවාගේ සිට 13 වැනි ශ්‍රේණියේ පාසල් දරුවන් දක්වා මෙන්ම වැඩිහිටි ප්‍රජාව උදෙසා මෙලෙස එම අධ්‍යාපන ප්‍රකාශන සකස් කර ඇති බවයි අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ.
මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයින් විසින් සම්පාදනය කර තිබෙනවා.
පළමු අදියර යටතේ මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන E ප්‍රකාශන ලෙස ලබාදීමටයෝජනා කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙලෙස සමාජයේ සියලුම වයස් කාණ්ඩ සඳහා විධිමත් ලෙස ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාදීම ඔස්සේ සමාජයේ මතුවෙමින් පවතින අර්බුද රැසක් සමනය කරගත හැකි බව මෙන්ම පාසල් දරුවා වඩාත් සුරක්ෂිත කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව නිලධාරීන් සංසදය හමුවේ අවධාරණ කළා.




