spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලැබූ අවමන්සහගත පරාජය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්න කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවමන්සහගත පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වුණ 33 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අමිහිරි අයුරින් පරාජයට පත් වීම හේතුවෙන්.

මේ නිසා ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.

ඊයේ තරගයට ක්‍රීඩකයින් තේරීම සිදු කළේ කුමන පදනමකින් ද යන්න මෙහිදී විමසීමට නියමිත බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ.

ධනංජය ද සිල්වා අද තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලුසහගත බවට ද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ද අදහස් විමසීමට තීරණය කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
24
+1
2
+1
2
+1
2
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?