AFC Banner
Empty Ad
Empty Ad

ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

මාසික මිල සංශෝධනය යටතේ ලාෆ් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොකරන බව එම සමාගම පවසනවා.

දැනට රුපියල් 3985කට අලෙවි කෙරෙන කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල වන රුපියල් 1595 නොවෙනස්ව පවතින බවයි ලාෆ් සමාගම සඳහන් කළේ.

මේ අතර ලිට්‍රෝ සමාගම ද ප්‍රකාශ කළේ මෙවර තම සමාගම ද ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565කටත් කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1431කට සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 668කටත් තවදුරටත් අලෙවි කරෛනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?