ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත භාරගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා.

එහිදී සිලින්ඩරය කිරා මැනබලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදුකරන බවද ලාෆ්ස් සමාගම පවසන්නේ.

මේ අතර ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට සමාගම්වලට වගකීමක් තිබූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (තත්ත්ව ආරක්ෂණ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමගේ මහතා ඒ බව පැවසීය.

මේ අතර වෙළඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබියදීත් එය නිසියාකාරව සිදු නොවන බවත් ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම් අපොහොසත්ව ඇති බවත් අප කළ සොයාබැලීමේදී අද (29) නිරීක්ෂණය වුණි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයත් සමග වෙළෙඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේ ඉකුත් දෙසැම්බර් 17 වැනිදාය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට එදින තවත් නියෝගයක්ද ලබාදී තිබුණා.

එම නියෝග ලබාදී අදට දින 12ක කාලයක් ගතවී තිබුණත් වෙළෙඳපොළට ප්‍රමාණවත් අයුරින් ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට ගෑස් සමාගම් අසමත් වී තිබේ.

පාරිභෝගිකයින්ට එක් සිලින්ඩරයක් ලබාගැනීම සඳහා පැය ගණනක් අලෙවිසල් අසල දිගු පෝලිම්වල රැඳීසිටීමට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

මෙහිදී පැරණි ගෑස් සිලින්ඩර නැවත භාරගැනීම මෙන්ම නව ප්‍රමිතිය සහිත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ප්‍රමාණවත් ලෙස සිදුනොවන බව අප කළ නිරීක්ෂණයකදී අනාවරණ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48