spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත භාරගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා.

එහිදී සිලින්ඩරය කිරා මැනබලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදුකරන බවද ලාෆ්ස් සමාගම පවසන්නේ.

මේ අතර ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට සමාගම්වලට වගකීමක් තිබූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (තත්ත්ව ආරක්ෂණ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමගේ මහතා ඒ බව පැවසීය.

මේ අතර වෙළඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබියදීත් එය නිසියාකාරව සිදු නොවන බවත් ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම් අපොහොසත්ව ඇති බවත් අප කළ සොයාබැලීමේදී අද (29) නිරීක්ෂණය වුණි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයත් සමග වෙළෙඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේ ඉකුත් දෙසැම්බර් 17 වැනිදාය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට එදින තවත් නියෝගයක්ද ලබාදී තිබුණා.

එම නියෝග ලබාදී අදට දින 12ක කාලයක් ගතවී තිබුණත් වෙළෙඳපොළට ප්‍රමාණවත් අයුරින් ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට ගෑස් සමාගම් අසමත් වී තිබේ.

පාරිභෝගිකයින්ට එක් සිලින්ඩරයක් ලබාගැනීම සඳහා පැය ගණනක් අලෙවිසල් අසල දිගු පෝලිම්වල රැඳීසිටීමට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

මෙහිදී පැරණි ගෑස් සිලින්ඩර නැවත භාරගැනීම මෙන්ම නව ප්‍රමිතිය සහිත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ප්‍රමාණවත් ලෙස සිදුනොවන බව අප කළ නිරීක්ෂණයකදී අනාවරණ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?