ලබන 30 සහ 31 විශේෂ ඩෙංගු මර්දන දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ලබන 30 සහ 31 දින විශේෂ ඩෙංගු මර්දන දින ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මෙම වසරේ පසුගිය 26 වනදා වන විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 75434ක් හඳුනාගෙන ඇති බවයි.

එය පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වීම විශේෂත්වයක්.

පසුගිය සති 4ක කාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් රට පුරාම නිරීක්ෂණය වන අතර දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තා වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැගින් 2023 ජනවාරි මාසය තුල ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් රට පුරා වාර්තා වීමේ විශාල අවදානමකට ද මුහුණදී සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ඩෙංගු රෝග කාරක වෛරසය පතුරුවන ඊඩිස් වර්ගයේ මදුරු ඝණත්වය රටේ බොහෝ ප්‍රදේශවල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එබැවින් රට තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට වහාම කටයුතු කිරීම අප සැමගේ ප්‍රමුඛ කාර්ය භාර්යයක් බවයි අමාත්‍යංශය අවධාරණය කරන්නේ.

ඒ අනුව රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් 30 වන සිකුරාදා සහ 31 සෙනසුරාදා විශේෂ ඩෙංගු මර්දන දින ලෙසටයි ප්‍රකාශයට පත්කර ඇත්තේ.

මෙම දෙදින තුල සියලුදෙනා තම නිවස තුළ සහ නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි.

ඊට අමතරව තමා රාජකාරී කරන ස්ථානය සහ තම ප්‍රදේශයේ පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු වනවා.

තම ආයතන තුල මෙම කටයුතු සාර්ථකව සිදුවන බවට ආයතන ප්‍රධානීන් විසින් වගබලා ගත යුතුයි.

එමෙන්ම ජනවාරි මස 2 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් දිවයින පුරා සියලු පාසල්වල විදුහල්පති ඇතුලු කාර්ය මණ්ඩලය දරුවන්ගේ දෙමව්පියන් සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන සමග එක්ව පාසල් පරිශ්‍ර පරීක්ෂා කර බලා මදුරුවන් බෝවිය හැකි සියලු ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

මෙම කාර්යයන්වලදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අවශ්‍ය මගපෙන්වීම ලබාගැනීමට හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39