ලබන 16න් පස්සෙ නීති හා සීමාවන් ක්‍රියාත්මක වෙන විදිය යුධ හමුදාපති කියයි

කොවිඩ්  පාලනයට හඳුන්වාදී ඇති  විවිධ නීති හා සීමාවන්  ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු  තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ජනතාව සෞඛ්‍යය නීතිවලට  අනුගතව කටයුතු කරනු ඇතැයි  බලාපොරොත්තු වන බවද  හෙතෙම සඳහන් කළේය.

මේ අතර ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් රටෙන්  කොවිඩ්  රෝගය නොවැම්බර් දෙසැම්බර් වනවිට  තුරන් කර ගැනීමට හැකියාව  ලැබෙනු  ඇතැයිද  යුද හමුදාපතිවරයා කීවේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?