ලබන සතියේ පාර්ලිමේන්තුව එක දවසයි – අප්‍රේල් 25 වනතුරු යළි රැස්වීමක් නැහැ(ඡායාරූප)

එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ තීරණය ගෙන තිබෙනවා.

එම කාරක සභාව ඉකුත් 24 වැනිදා රැස්වුණා.

අප්‍රේල් 4 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන පාර්ලිමේන්තුව තුළ පෙ.ව 10.30 වෙන තෙක් කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කෙරෙනවා.

තවද 2023 අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වැනි අගහරුවාදා සිට අප්‍රේල් 28 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසුවා.

Business Committee 20230324 5
Business Committee 20230324 7
Business Committee 20230324 8
Business Committee 20230324 9
Business Committee 20230324 4
Business Committee 20230324 3
Business Committee 20230324 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56