spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන වසර තුළ අලි මිනිස් ගැටුමට තිත

පසුගිය වසර තුන තුළ අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අනුව 2019 දී අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වසර තුළ අලි මරණ 328ක්, මිනිස් මරණ 112ක් සහ 2021 දී අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් වාර්තා වී ඇති බවයි වනජීවී අමාත්‍යාංශය සඳහන් කළේ.

අලි මිනිස් ගැටුම් හේතුවෙන් මෙම වසයේ මුල් මාස හතර තුළ වනඅලි මරණ 47ක් හා පුද්ගල මරණ 34ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර අලි මිනිස් ගැටුම අවසන් කිරීමට විදුලි අලි වැට අවශ්‍ය සියලුම දිස්ත්‍රික්කවලට ලබන වසර ඇතුළත විදුලි වැටවල් සකසා අවසන් කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සියලුම ගොවි සංවිධාන හා ගොවීන් සමඟ සාකච්ඡා කර එතඟත්වයකට පැමිණිය යුතු බවත්, ඒ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ලේකම්වරියට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?