ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල්වල මිනිස් සිරුරට දරාගැනීමට අපහසු උෂ්ණත්වයක්

එල් නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පවසනවා.

ඒ, අනුව එහි බලපෑම ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ලබන වසරේ මුල් කාර්තුවේ දැනෙනු ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ.

එල් නිනෝ තත්වය හා ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මෙම එල් නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පවතින බවට 97%ක සම්භාවිතාවයකින් ගෝලීයව පුරෝකතනය කර ඇති බවයි.

ඒ, අනුව වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස තුනේ වැස්ස වර්ෂාවේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම කාලය තුළ දවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීත් උෂ්ණත්වය ඉහළ අගයක් ගනු ඇති බවට අනතුරු අඟවා සිටියා.

එම උෂ්ණත්වය මිනිස් සිරුරට දරාගැනීමට අපහසු තත්ත්වයකට පවා පත්වීමට ඉඩකඩ පවතින බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39