Empty Ad
AFC Banner
Empty Ad

ලබන වසරේ පාසල් පවත්වන දින ගණනේ අඩුවක්

එළෙඹෙන 2025 වසරේ දී පාසල් පවත්වන දින ගණනේ සංශෝධනයක් සිදුව තිබෙනවා.

ඒ, අනුව රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් පැමිණීමේ දින 210ක අවශ්‍යතාවය දින 181ක් දක්වා අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් පැවතීම මෙන්ම; පාසල් පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම මීට හේතු වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2024 අධ්‍යයන වර්ෂය සඳහා තුන්වන වාරය සම්පූර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිට 24 දක්වා පළමු සති තුන පාසල් පැවැත්වෙන බැවින්; 2025 වසර සඳහා වන පාසල් ආරම්භය ජනවාරි 27 වන දින සිදුකරන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

මීට අමතරව 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26න් සති අන්තයේ ඇත්තේ නිවාඩු දින 04ක් පමණක් වන අතර, අනෙක් සියලු රජයේ නිවාඩු දිනයන් සතියේ දිනවලට යෙදී තිබෙනවා.

ඒ, අනුව දින 210ක් පන්ති පැවැත්වීමට නොහැකි බවත්, 2025 සඳහා පාසල් දින 181කට සීමා කිරීමට අවසර දුන් බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවසකට විනාඩි 2ක් හරි බාවනා කරලා ලෝකයටම ආදරය පතුරවන්න
06:27
Video thumbnail
සිතට ඕන ඕන විදියට නටන්න දෙන්න එපා - සිරකරුවන් Motivation කළ දේශනාව
05:07
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන - නිවස ඉදිරිපිට වෙ# තැබීම සිදුවූ හැටි මෙන්න
05:18
Video thumbnail
ජනප්‍රිය වෙන්නේ මිනිස්සු ප්‍රිය කරන චරිතයක් වුණාම
02:05
Video thumbnail
මඟීන් සමඟ ප්‍රාණ ඇපයට ගත් පාකිස්ථානයේ දුම්රිය බේරාගත් සම්පුර්ණ මෙහෙයුම
03:51
Video thumbnail
ඇයි ඔබට බැරි නිවැරදි මනුස්සයෙක් වෙන්න ?
03:27
Video thumbnail
දේශබන්දු මගේ ගෙදර නෑ - මම ඒ වගේ බාල වැඩ කරන්නේ නෑ
04:43
Video thumbnail
BREAKING NEWS 🔴
01:20
Video thumbnail
BREAKING NEWS 🔴එකම ප්‍රදේශයේ තැන් දෙකක මළ සිරුරු දෙකක් - සීතල බදුල්ල උණුසුම් වෙයි
01:18
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය සාකච්ඡාව
01:21:00

?