ලක්නව් සුපර්ජයන්ට්ස් හිමිකරුගේ ක්‍රියාවට හතර වටෙන් අයහපත් ප්‍රතිචාර (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා (08) පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට දරුණු පරාජයක් අත් විඳීමට සිදු වුණා.

හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගයේ දී සන්රයිසස් සුපර්ජයන්ට්ස් කණ්ඩායම පරාජය කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 10 කින්.

මෙම තරගයෙන් පසු පරාජිත කණ්ඩායමේ හිමිකරු සංජිව් ගොයන්කා සහ එම කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් අතර පිටිය මැද දී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

සංජිව් ගොයන්කා විසින් රාහුල්ට අවේගශීලීව කිසියම් දෙයක් පවසන අතර රාහුල් එම අවස්ථාවේ දී අසරණ වී සිටින ආකාරය එම සිදුවීමේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සමස්ත ඉන්දීය ක්‍රිකට් සහෝදරත්වයම අවුලුවාලූ අතර, මේ සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිචාර ගලා එන්නට මේ වනවිට පටන්ගෙන තිබෙනවා.

මේ අතර රාහුල්ගේ ඉන්දීය කණ්ඩායමේ සගයා වන මොහොමඩ් ෂාමි ද බොහෝ කතාබහට ලක් වූ මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වා ඇති අතර, ෂාමි පවසන්නේ එම සිදුවීම එළිපිට සිදුවීම ලැජ්ජාවට කරුණක් බවයි.

“ක්‍රීඩකයන්ට ගෞරවයක් තියෙනවා, ඔබත් ගෞරවනීය පුද්ගලයෙක්, ඔබ හිමිකරුවෙකු නිසා බොහෝ අය ඔබ දෙස බලා ඔබෙන් ඉගෙන ගන්නවා. කැමරා ඉදිරියේ මේ දේවල් සිදු වෙනවා නම් එය ප්‍රශ්නයක්. ලැජ්ජයි. ඔයාලට එහෙම කරන්න වෙනවා නම් විවිධ ක්‍රම තියෙනවා. ඔයාට ඩ්‍රෙසින් රූම් එකේදී හොටෙල් එකේදිත් මේ දී කරන්න තිබ්බා. පිටියේ දී ඒක කරන එක යහපත් දෙයක් නෙවෙයි.” යනුවෙන් අදහස් දක්වමින් ෂාමි වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර මෙම සිදුවීවීමෙන් පසු රාහුල් තවදුරටත් ලක්නව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු නොකිරීමට ඉඩ ඇති බව ද වාර්තා වනවා.

අදාළ සිදුවීම පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
11
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29