ලංගම බසයක් ටිපර් රථයක ගැටී මාරක අනතුරක් – 11 දෙනෙක් රෝහලේ

කොළඹ – වැල්ලවාය මාර්ගයේ තංගල්ල පොලිස් වසමේ වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අද (24) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මඩකලපුව සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස ටිපර් රථයේ ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 12 දෙනෙක් සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් මගියෙකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත් අතර, මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?