ලංගම තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩ නැහැ

මින්පසු ලංගම තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බව ප්‍රවාහන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින පුරප්පාඩු සඳහා බඳවාගත් රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අත්‍යවශ්‍ය රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ පුරප්පාඩු දහසකට අධික ප්‍රමාණයක් පිරවීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව රියදුරන් 800ක්‌ සහ කොන්දොස්තරවරුන් 275ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් පළමු කණ්ඩායම ලෙස රියදුරු මහතුන් 100 දෙනෙකු සහ කොන්දොස්තර මහතුන් 50 දෙනෙකු සඳහා පත්වීම් ලිපි පිරිනැමීම නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවනාගාරයේදී සිදු කෙරුණා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අභියෝගයන් රැසකට රට මුහුණ පා සිටින මේ මොහොතේ අතිගරු ජනාධිපති ඇතුළු රජයේ සුවිශාල උත්සාහය ඵල දරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිමිවීමත් සමග ආර්ථික දේහයේ හුස්ම වැටීම යළි ආරම්භ වී තිබෙනවා. තිස් වසරක යුද්ධය අවසන් වූවා සේම ආර්ථික යුද්ධය ජය ගැනීමේ මුල් පියවර ද රජය තබා තිබෙනවා.

ඒ වෙනුවෙන් රජයටත් ජනතාවටත් විශාල වගකීමක් පැවරෙනවා. කඩිනමින් අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කිරීමේ පියවර ගත යුතුව තිබෙනවා. ඒ ඒ ආයතන තම මෙහෙයුම් වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු වනවා.

මෙවැනි අභියෝග රැසක් තිබිය දීත් ලංකා ගමනාගමන මණ්ඩලයේ වසර 3ක් පුරාවට පැවති ගැටලුවක් විසඳමින් අද දින නවක රියදුරන් සහ කොන්දොස්තරවරුන් ලෙස ඔබ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත එක් කර ගනු ලබනවා.

පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන මේ මොහොතේ වසරක කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගන්නා ඔබ වංචාව, දූෂණය, අක්‍රමිකතාවයට ගොදුරු නොවී විනයගරුකව මෙම වගකීම් සහගත මෙහෙවරෙහි නිරත වනු ඇති බවට මා විශ්වාස කරනවා. එලෙස කැපවීමෙන් ජනතා සේවය සිදු කරන ඔබ සැමට අදාල සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ස්ථිර සේවයේ පිහිටු වීමේ වගකීම අප භාර ගන්නවා. ඒ වෙනුවෙන් ඔබ ඔබේ වගකීම අවංකවම ඉටු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

විවිධ දේශපාලන අරමුණු පදනම් කරගනිමින් විනය විරෝධීව කටයුතු කරමින් ජනතාව අපහසුවට පත් කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් කිසිදු තරාතිරමක් නොබලා නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම අප පසුබට වන්නේ නැහැ. අද දිනයේත් කතරගම සහ තවත් ඩිපෝ කිහිපයක නීති විරෝධී ලෙස වර්ජන ක්‍රියාත්මක සිදුකරන බව වාර්තා වී තිබෙනවා. කඩිනමින් ඒ පිළිබඳ කරුණු සොයා බලා විනය විරෝධී සහ නීති විරෝධී ලෙස කටයුතු කර තිබෙන සේවකයින් සම්බන්ධයෙන් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන්නට නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඉතිහාසයේ ඇතැම් අඳුරු යුගයන් වල එවැනි කටයුතු වලට ඉඩ ලැබුනත් අප දැන් ගත කරන්නේ ඉතාමත් ශිෂ්ට සම්පන්න යුගයක්. එම නිසා මින් ඉදිරියට ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඔබට පවතින ඕනෑම වෘත්තිය ගැටළුවක් පිළිබඳව විසඳුම් ලබාදීමට, සාකච්ඡා කිරීමට ආයතනයේ සභාපතිවරයා, අනෙකුත් නිලධාරීන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමා මෙන්ම මම ද ඕනෑම අවස්ථාවක සූදානමින් සිටිනවා. එමනිසා ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතබා පුරවැසියන් ලෙස අප සියලු දෙනාම නීතියට අවනත ව රට වෙනුවෙන් අපගේ වගකීම, යුතුකම ඉටුකරන්නට අධිෂ්ඨාන කරගත යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42